Colombo Today Local News

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

මැලේසියා හා ඩුබායි අයි.එස්. සංවිධානයේ ප්‍රබලයන් දෙදෙනකුට කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වීමට ආගමන විගමන නිලධාරීන් උදව් ලබාදී ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මීට සති දෙකකට පෙර ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ දින හතරක් හෝටල්වල රැඳී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඔවුන් දෙදෙනා ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්‍ෂාවෙන් මිදී රට තුළට ඇතුළු වූවේ කෙසේද යන්න ගැටලු සහගත බව ආරක්ෂක ප්‍රධානියෝ විමසති.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මහා විනාශයක් සිදුවී තිබියදී එම අයි.එස්. සැකකරුවන් දෙදෙනාම රටට ඇතුළු වීමට ඉඩ ලබාදීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට එම උසස් ආරක්ෂක අංශ නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන් මැලේසියා හා ඩුබායි ජාතිකයන් වන අතර ඔවුන් සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවටද ලබාදී තිබියදී මෙසේ ඇතුළු වී ඇත.

​​මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති පාලක (නීති) බී.ජී.ජී. මිලින්දගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එවැනි දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවයි.

– aruna

Related posts

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

බුද්ධාගමෙන්, කතෝලික ආගමෙන්, නීතියෙන් එපා කියන “සමලිංගික“ විෂය පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ !

colombotoday

ඉන්දියාවෙන් සතියකට ටොන් 100 බැගින් ඔක්සිජන් මිලදී ගැනීමට රජය තීරණය කරයි

colombotoday

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

බැසිල් මහත්මයා පාර්ලිමේන්තු එනවනම් සාදරයෙන් පිළිගන්නවා – මහින්ද අමරවීර

colombotoday