ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් අද (13) යළි දෙවන දින විභාගය ආරම්භ වී තිබෙනවා.
මෙම සියලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණේ ඊයේ (12) දිනයේයි. හදිසි කරුණක් ලෙස සලකා ඒවා ඊයේ දිනයේම විභාගයට ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ඊයේ සිදු කෙරුණේ පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමයි.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට සහාය පළ කරමින් ඇමති වාසුදේව නානායක්කාර, ජී.එල්. පීරිස් ඇතුළ 05 දෙනෙකු පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.