Colombo Today Local News

“මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කරණ ලෙස ගම්වාසීහු ඉල්ලති.

කිරින්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැනට ලියාපදිංචි වී තිබෙන “මංගල සමරවීර පෙදෙස”යන නම තම ගමෙන් ඉවත් කර ඒ වෙනුවට “ළිඳ ගාව වත්ත මාවත”යන නම යොදන ලෙස එම ගමේ පදිංචිකරුවන් පිරිසක් විසින් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අද (11) වැඩි ඡන්ද තුනකින් සභා සම්මත විය.

අත්සන් 110කින් යුත් පෙත්සමක් එම ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් හෙට්ටිආරච්චිමහතා වෙත ඉදිරිපත් කරමින් සිය ගමෙහි නම එලෙස වෙනස්කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටියහ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති සනත් හෙට්ටිආරච්චි, මන්ත්‍රීවරුන් වන ශාන්ත රාජපක්ෂ, බර්ටි සමරසිංහ, විමලසිරි රුවන්පතිරණ, සිරිසේන විජේසිංහ, අනිල් වීරකෝන් හා අශෝකා වික්‍රමසිංහයන මන්ත්‍රීවරුන් හත්දෙනාම එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන බන්දුල මොහොට්ටාල, ක්‍රිෂාන් ජයසේකර හා ගංගා මධුෂානි විමලගුණසේකර යන මහත්ම මහත්මීන් තිදෙනා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අනිල් කරුණානන්ද මහතා පමණක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හතරකි.

කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් සම්මත වූ එම යෝජනාව ඉදිරි කටයුතු සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

colombotoday