Colombo Today Local News

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

ඇමති මංගල සමරවීර විසින් කතෝලික සභාව ගැන හා අගරදගුරුතුමන් සම්බන්දයෙන් කර ඇති ප‍්‍රතාශයන් ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මුදල් ඇමැතිතුමා තමන්ට අදාළ නැති වැඩ ඕනෑතරම් කරනවා. කතෝලික සභාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන අපේ කාදිනල්තුමා ආගම් භේදයකින් තොරව මේ රටේ ජනතාවගේ ආදරය ගෞරවය දිනාගත් චරිතයක්.

අනික් පැත්තෙන් කෝටි සීයක් වන ලෝක කතෝලික ප්‍රජාවේ නායකයෙක්.

අවුරුදු පන්සීයකට වැඩි ශ්‍රී ලංකාවේ කතෝලික ඉතිහාසය තුළ බිහි වුණු දෙවන කාදිනල්වරයා තමයි මැල්කම් රංජිත් කාදිනල් තුමා.

ඒ නිසා එවැනි ලෝක පූජිත චරිතයකට, අප රැකගත යුතු චරිතයකට, අවමන් කිරීමෙන් නොනැවතී සමස්ත කතෝලික ‍ ප්‍රජාවටම මුදල් අමාත්‍යවරයා අවමන් කරන්නට ගොස් තිබෙනවා.

ඒ නිසා අපි මුදල් අමාත්‍යතුමාට කියා සිටිනවා කතෝලික ප්‍රජාව නායකයන්ට කතෝලික සභාවේ ඉතිහාසය පිලිබඳ ටියුෂන් ලබා දීමට යන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයට ඇවිදින් රුපියල වැටෙන්නේ මොකද ඉන්ධන මිල නගින්නේ මොකද පොලී අනුපාතය වැඩි වෙන්නේ මොකද කියලා හොයා බැලුවා නම් ඒවාට විසඳුම් යෙදුවා නම් මේ රට මීට වඩා සුන්දර රටක් බවට පත්කරගත හැකිබව.

– අරවින්ද අතුකෝරල

Related posts

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

STF අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගල් වළකට වැටී මරුට

colombotoday

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday