World

බෝයිං 737 නිෂ්පාදනය නතර කෙරේ

ලෝකප්‍රකට ගුවන් යානා සමාගම වන බොයිං විසින් මුල් කාලීනව වැඩිම ඉල්ලුමක් තිබූ ගුවන් යානයක් වූ 737 වර්ගයේ ගුවන් යානා නිෂ්පාදනය නතර කරන කර ඇත.

පසුගිය කාලයේ දිගින් දිගට ඇති වූ ගුවන් යාන අනතුරු සමග ලෝකය පුරා රටවල්ද මෙ ගුවන් යානා භාවිතය නතර කර තිබිණි.

පසුගියදා ඉන්දුනීසියාවේ සහ ඉතියෝපියානු ගුවන් සමාගම් වලට අයත් 737 වර්ගයේ බෝයිං ගුවන් යානා අනතුරට ලක්වීම මෙම තීරණයට ආසන්නතම හේතුවයි.

ඉතියෝපියානු ගුවන් අනතුරේදී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉන්දුනීසියානු ගුවන් අනතුරේදී පුද්ගලයින් 189 ජීවිතක්ෂයට පත් විය. ඉතියොපියානු ගුවන් යානා අනතුර සම්බන්ධ වාර්ථාව පසුගිය සතියේ නිකුත් කෙකරුණ අතර එමගින් දක්වා තිබුණේ ගුවන් නියමුවා විසින් අනතුර අවස්ථාවේ බෝයිං ගුවන් සමාගම විසින් අනුමත කර තිබූ පියවරයන් අනුගමනය කර තිබියදීද අනතුර සිදුව ඇති බවයි.

සිය තීරණය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන බෝයිං සමාගම ජීවිත අහිමි වූ සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිට ඇත.

Related posts

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 5480ක්

colombotoday

ජර්මනියේ තවත් බෝම්බ පිපිරීමක්.. සිරියානු සංක්‍රමණිකයෙක් මරාගෙන මැරෙයි

colombotoday

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday