Colombo Today Local News

බුර්කාව ගලවා එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් හෝමාගම රෝහලේ වෛද්‍යවරියක් සේවයෙන් ඉල්ලා අස්වෙයි…

බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

පසුව රෝහල් ප‍්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

.එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.

පසුව අදාල වෛද්‍යවරිය විසින් සිය වෛද්‍ය වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට කැමැත්තපල කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

මේ පිළිබදව අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ.හෙට්ටිආරච්චි මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    ‘‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ‘‘

lankadeepa

Related posts

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

colombotoday

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

Admin

නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin