Colombo Today Local News

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

රෝහල්ගතව සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

උණ තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

සොරකමක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා බන්ධනාගාරගතව සිට ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තාවේ.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (25)දින සිදුකිරීමට නියමිතය.

Related posts

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

Admin

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday