World

පෙම්වතා නිසා උපන් දරුවා විකුණා ඒ මුදලින් යලි කන්‍යාභාවය සදා ගැනීමට තැත් කල තරුණියට අවුරුදු 6ක සිරදඬුවම්

ඊජිප්තු කාන්තාවක් තම දරුවාව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට උත්සහ කිරීම හේතුවෙන් වසර 6ක සිරදඩුවමක් නියම කර ඇත.

අමීරා නමින් ඇයව හඳුනාගෙන ඇති අතර සිරදඩුවමට අමතරව ඊජිප්තු පවුම් 100,000 දඩමුදලක්ද නියම කර ඇත.

අත්හැර දමා ගිය පෙම්වතාගෙන් උපන්, දින හැත්තෑපහක් (75) වයසැති දරුවාව ඊජිප්තු පවුම් 15,000කට විකිණීමට සූදානම් කර තිබු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

තවත් කාන්තාවක්ෆේස්බුක් සමාජ ජාල ගිණුම සාදා දී දරුවා විකිණීමට උදව් කර ඇති අතර ඇයටද වසර 6ක සිරදඩුවමක් සහ ඊජිප්තු පවුම් 100,000 දඩමුදලක් ඊජිප්තු අධිකරණය නියම කර ඇත.

දරුවා විකුණා ලබාගන්නා මුදලින් ඊජිප්තු පවුම් 2,000ක් වියදම් කර කන්‍යාභාවය නැවත සකස් කරගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට සැළසුම් කර තිබු බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Related posts

Facebook සමාව අයැදි

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල අසල පිපිරීමක්

Admin

Video – ISIS ත්‍රස්තවාදය නිසා සංක්‍රමිකයන්ට හන්ගේරියාවෙන් ප්‍රහාර

colombotoday