Colombo Today Local NewsCovid 19

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම නිසා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවි කුමුදේශ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ යන විශ්වවිද්‍යාලවල රසායනාගාර මගින් සාවද්‍ය වාර්තා ලබාදීම දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව ඔහු අවධාරණය කර සිටියි.

මෙලෙස නිදර්ශක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම හිතාමතාම සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බැවින් එවැනි තීන්දු ක්‍රියාවට නංවන නිලධාරීන් පිළිබඳ සොයා බලන ලෙස එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරිනිය සහ තවත් රෝගීන් දෙදෙනකු සම්බන්ධයෙන් වූ නිදර්ශක පරීක්ෂාව සිදුකර ඇත්තේද කොළඹ විශ්වවිද්‍යාලයේ රසායනාගාරය තුළදීය. එමගින් නිකුත් කර ඇති සාවද්‍ය වාර්තා මත පදනම්ව ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇතැයි රවි කුමුදේශ් පෙන්වා දෙයි.

මෙවැනි සාවද්‍ය වාර්තා නිසා හෙද නිලධාරිනිය ඇතුළු පුරවැසියන්ට බරපතළ අසාධාරණයක්ද සිදුව ඇති බව ඔහු සඳහන් කරයි. ඉතා නිවැරදි වාර්තා නිකුත් කළ හැකි වෛද්‍ය රසායනාගාර සේවාවක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබියදීත් මෙවැනි අපහසුතාවන් ඇති වන ආකාරයට නිදර්ශක පිටත රසායනාගාරවලට යොමු කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද ඔහු අවධාරණය කර සිටියි.

Related posts

නිෂ්පාදන බදු ඉහළ ගිහින්.. අරක්කු කම්හල් 25ක් වසා දමන්න වෙයි

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

නවරජයේ ආයුෂ කෙටිවේ… ආරක්ෂක ලේකම් ධුරයෙන් කරුණාසේන හෙට්ටිඅරච්චිත් ඉවතට ?

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday