Colombo Today Local News

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (30)දින රාත්‍රී 11ට පමණ අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.

මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු විය.

ඇයටම ආවේණික චිත්‍ර සහ කතන්දර ශෛලිය තුළින් දැයේ දරුවන්ගේ ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ නොහොත් “සිබිල් නැන්ද”“ දරුවන්ගේ මනස සේම කුසලතා වර්ධනයට කළ සේවය ද අපමණය.

1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී කුඩ හොරා ළමා කතාව ඉදිරිපත් කරනු ලැබූ සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය.

1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය.

එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වගේ රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.

ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වී තිබේ.

Related posts

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

ගම්මන්පිල , විමල්, වාසුදේව යන අය ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් – අමාත්‍ය දිළුම් අමුණුගම

colombotoday

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

colombotoday

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday