Colombo Today Local News

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ අක්‍රිය වීමක් සිදුව තිබේ. ඊයේ දිනයේදී දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග මෙම තත්ත්වය උදාවූ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් නොවීම නිසා එම ස්වයංක්‍රීය සිසිල් පද්ධතිය තුල ඇතිවූ යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් එම බලාගාරයේ විදුලි උත්පාදනය කිරීම නැවතී තිබේ.

නොරොච්චෝල ලක් විජය විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන මෙගාවෝට් 810ක ප්‍රමාණයක් මේ හේතුවෙන් අහිමිව ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ඇතැම් විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට හදිසි විදුලි සැපයීමේ බාධා එල්ල සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

දැනට අක්‍රියවී ඇති නොරොච්චෝල විදුලි බලාගාරය යළි සක්‍රිය තත්ත්වයට ගෙන ඒමට දින කිහිපයක් ගත වනු ඇති බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

බස් රථයක් පෙරලි යාමෙන් පුද්ගලයන් 13 දෙනෙකුට බරපතල තුවාල.

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday

නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයට

Admin

රන්ජන් රාමනායක අද අධිකරණයට

colombotoday

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday