Colombo Today Local News

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධව පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මරණකරු අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු බවත් උස අඩි 06 අඟල් 04ක් පමණ වන අතර, දම්පාට කොට කලිසමක් හා අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු බවත් පොලිසිය පවසයි.

මෘතදේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

කිරි තේ ගිලන්පසට ලුණු දමා දීලා.. 1500 ක බිලකුත් ගෙවන්න කියලා !

colombotoday

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin