Colombo Today Local News

තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි

රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

මෙම තීරණය ගනු ලබන්නේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබඳවත් සිතා යැයි ද අධ්‍යාපන අමාත්‍යන්‍රයා සඳහන් කළේය.

තුන්වන වාරය ආරම්භ කිරීමට තිබුණේ නොවැම්බර් 9 වැනිදා වුවත් රටේ පවතින කොවිඞ් 19 තත්ත්වය නිසා සති දෙකකින් කල්දැමීමට රජය තීරණය කළ බැවින් දැනට නියමිත දිනය වන්නේ නොවැම්බර් 23 වැනිදා බව ද ඇමතිවරයා කීවේය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් හා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පාර්ශවයන්ගේ ද අදහස් ලබාගෙන ඒ සියල්ල සැලකිල්ලට ගෙන තුන් වන වාරය 23 වැනි සඳුදා ආරම්භ කරන්නේ ද යන්න තීරණය කරන බව ඇමතිවරයා පැවසීය.

දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙහිදී ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගත යුතුයි. එමෙන්ම දරුවන්ගේ අනාගතයත් වැදගත් යැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (16)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තොපිලට හෙන ගහනවා. මත්ද්‍රව්‍ය චෝදනා නෑ. ඝාතනය කල සහෝදරයා ගැන ඩෑන් හඩා වැටෙයි

colombotoday

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

විසිපස් වසරකට පසු යක්කලින් හමුවූ විජේවීර !

colombotoday

කුවේට් සිට පැමිණි 113 කට කොරෝනා. ගෙන්වාගත් සිසුන් කිසිවෙක්ට කොරෝනා නෑ. මැද පෙරදිගින් මගීන් රැගෙන ඒම නවතා දමයි.

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday