Colombo Today Local News

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්11ක් අද (29)දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පවසයි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ව්‍යාපාරිකයෙකුට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු විම නිසා මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා පසුගිය 18 සහ 19 යන දින දෙකේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පසුව මීගොඩ බලා පිටත්ව ගොස් තිබුණි.

පසුව මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු විම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල් 11ක් මෙසේ වසාදැමිමට පියවර ගෙන ඇත.

වසා දමන ලද වෙළද සැල් සියල්ලම විෂබීජ හරණය කිරිමෙන් අනතුරැව ඒවා යළි විවෘත කිරිමට පියවර ගන්නා බවද වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසිය. එම වෙළද සැල් හිමියන් මේ මස 31 දින පී.සි.ආර්.පරික්ෂණයකට යොමු කිරිමට නියමිතය.

Related posts

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

colombotoday

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

Admin