බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂකයන්ට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උද්ඝෝෂකයන් අසලට පැමිණ එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය තුලට කැඳවාගෙන ගොස් ඇත.
[fbvideo link=”https://www.facebook.com/sathhandaa/videos/264078897624599/” width=”500″ height=”400″ onlyvideo=”1″]