Colombo Today Sports News

ජාතික යොවුන් ක්‍රීඩා කිරුළ ගම්පහට

විසිහත්වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත් විය. මෙවර සම්ස්ථ ශූරතාවය ලකුණු 160ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය දිනා ගත්හ. අනුශූරතාවය ලකුණු 111ක් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය. තෙවන ස්ථානය ලකුණු 99ක් ලබාගත් කොළඹ දිස්ත්‍රික්කයට හිමිවිය.

දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දහසක් යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී විය.

ඩිජිටල් හා යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් නිතිඥ එරංදික වැලිඅංගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජය සඛේත ප්‍රදානය සිදු කෙරිණි.

යෞවන ක්‍රීඩා උළෙලේ ශුරතාවය සඳහා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක්,අනුශුරතාවය සඳහා මුදලින් රුපියල් ලක්ෂයක් හා යොවුන් ක්‍රීඩා උළෙලේ නව තරඟ වාර්තාවක් වෙනුවෙන් රුපියල් දසදහසක මුදලක්ද ප්‍රදානය කෙරිණි.


 

Related posts

යාපනේ කොල්ලව බලාගන්න ඇමති නාමල් තිසරට බාර දෙයි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

colombotoday

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday