Colombo Today Local News

ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක්? – ඇමැති මංගල සමරවීර

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07 දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කළේය.

මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කිරීමට යළි තම රජය බලයට පත්වනු ඇතැයි විශ්වාසය ඇතිව මේ අයවැය ඉදිරිපත් කළ බව ද මුදල් ඇමැතිවරයා කීවේය.

මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.

සමහරු මේක මැතිවරණ අයවැයක් කිව්වා. එක පැත්තකින් ඒක ඇත්ත. මේක මැතිවරණ වර්ෂයක්. මේ වසරේ (2019) ඔක්තෝබර් මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහා මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙනවා. මහ මැතිවරණය තිබිය යුත්තේ 2020 අගෝස්තු මාසේ වුවත් ජනාධිපතිවරණයක් ස්ථිරවම තියෙනවා. මහා මැතිවරණයකුත් සමහර විට එන්න පුළුවන්. නමුත් අපි ලාභ මැතිවරණ උපක‍්‍රමවලට මේ අයවැය නැමෙන්නේ නැතුව මැතිවරණයක් තිබුණත් නැතත් ජනතාවට ලබාදිය යුතු ඒ ශක්තිය මේ අයවැයෙන් ලබා දීල තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනව නම් ජනතාව ශක්තිමත් කරන්න අපි මේ අයවැයෙන් අතහිත දීල තියෙනවා.

මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ පළමු අයවැය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරනවා, මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කරන්නත් අපි මේ රටේ යළි වතාවක් බලයට පත් වෙනවයි කියන විශ්වාසය ඇතුව තමයි මම මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ.

Related posts

තහනම පුස්සක් වෙයි.. සියළු මන්ත්‍රීන් තීරබදු රහිත වාහන බලපත් අරන්

colombotoday

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

‘එන පළාත් සභා ජන්දෙදි රාජපක්ශ රේජිමය වළලලා දානවා.’- විශ්වාසභංග ජයෙන් උදම් වූ අගමැති කියයි

colombotoday

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday