Colombo Today Local News

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

නීතිය සහ සාමය අමාත්‍යාංශය තමන් වෙත නොලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරයි.

“නෑ, මම හිතන්නෙ නෑ එහෙම. ජනාධිපතිවරයා අගමැතිතුමාටයි කැබිනට් සහ වෙනත් ඇමැතිවරුන් පිරිසකට කියලා තිබ්බා, මට අමාත්‍යාංශය දුන්නොත්, මම මුලින්ම කරන්නෙ එයාව අත්අඩංගුවට ගන්න එක කියලා. එයා බයයි. අනෙක් අතට එයා හිතනවා ඒ අමාත්‍යාංශයේ එයා හොඳ වැඩ කොටසක් කරනවා කියලා. මොකද එයාට ඕනෙ අමාත්‍යාංශෙ ඇතුලෙ දේශපාලන වැඩ කරන්න. ඔයගොල්ලන්ට පේනවනෙ කිසිම වෙනසක් නැහැ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති එළියට දැම්මා ඇරෙන්න. පරණ කට්ටියම තමයි. පහුගිය අවුරුදු තුනහමාරෙ කරගන්න බැරිවෙච්ච දේවල් කරන්න තමයි තාම උත්සාහ කරන්නෙ.”

සියල්ල පාලනය කොට ඇති බව ජනපති විසින් කියා සතියක් පමණක් බවත්, තව ත්‍රස්තවාදීන් තුන්හතරදෙනෙක් පමණක් අත්අඩංගුවට ගතයුතුව තිබෙන බව එහිදී ඔහු ප්‍රකාශ කළ බවත් පවසන හිටපු යුද හමුදාපතිවරයා; ඉන් කියැවෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිවක් ජනාධිපතිවරයා නොදන්නා බව සහ අත්දැකීම් රහිත බව යැයිද කියා සිටියි.

Related posts

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday

දෙමළ ජන­තා­වට අයත් බෝග­ස්වැව විහාරස්ථානවලට ඉඩ නෑ. | දෙමල ජාතික සන්ධානය යලිත් බලහත්කාරය පායි

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා කිලෝ 31 නාවික හමුදාව සොයා ගනී

colombotoday