Colombo Today Local News

ජනවාරි මාසයේ සිට විදුලි බිල්පත් නොගෙවූ අයගේ විදුලිය විසන්ධි කරයි

විදුලි බිල්පත් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත්තේ ඒ පිළිබඳව මහජනතාව අතර ඇති අනවබෝධය ‍හේතුවෙන් බව විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බිල්පත් ගෙවීම ගැන පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ බව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසය හා ඊට පෙර මාස වලට සාපේක්ෂව, කොවිඩ් 19 වසංගතයට අදාළව ඇඳිරි නීතිය පැනවීම නිසා මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බවයි.

අවසානයට නිකුත් කරන ලද බිල්පත නිවැරදි වන අතර එහිදී බැලු බැල්මට වැඩි ගාස්තුවක් අය කර ඇති බව පෙනී ගියත්, බිල්පත් ගාස්තු අය කර ඇත්තේ භාවිත කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බව ඔවුහු අවධාරණය කරයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ සෑම විදුලි පාරිභොගිකයෙක් උදෙසාම විදුලි ගිණුමක් විදුලි බල මණ්ඩලය සතුව පවතින හෙයින් ඔවුන් ගෙවන මුදල් බැර වන්නේ එම ගිණුමට බවය.

එම නිසා කිසියම් අයෙක් වැඩිපුර ගාස්තුවක් ගෙවා තිබුණත්, එම ගාස්තුව ඔහුට යළි අයකර ගත හැකි බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පෙන්වා දෙයි.

එසේත් නොවන්නේ නම් ඊළඟ මාසයේ බිල්පතෙන් එම වැඩිපුර මුදල අඩු කිරීමට පියවර ගැනේ.

එමනිසා විදුලි බල මණ්ඩලයට ගෙවනු ලබන මුදල කිසිසේත්ම අපතේ නොයන අතර ඒවා අදාල ගිණුම් හිමියාගේ ගිණුම තුළ තැම්පත් වේ.

එසේම විදුලි ගාස්තු අය කෙරෙනුයේ භාවිතා කළ විදුලි ඒකක ප්‍රමාණයට පමණක් බවත් මාර්තු හා අප්‍රේල් හා මැයි මාසවල බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද ගාස්තුවක් අය නොකෙරෙන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි.

මේ අතර දැනට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් ජුනි මාසයේ විදුලි බිල් ගෙවීම සාමාන්‍ය පරිදි කළ හැකිය.

ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් අය වීමේ දී අප්‍රේල් මාසය තුළ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50ක්ද, මැයි මාසයේ දී සියයට 65ක්ද, හා ජූනි මාසය වන විට සියයට 90කට වඩා වශයෙන් බිල්පත් ගෙවා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 පැවැති කාලය තුළ බිල්පත් ගෙවා ගත නොහැකි වු පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරීමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

Related posts

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

colombotoday

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

colombotoday

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද ජනාධිපති මන්දිරයේදී..

Admin

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

colombotoday

නිරුපමා රාජපක්ෂ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ලැයිස්තුවට. – වහාම පරීක්ෂණයක් කර වත්කම් රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්.

colombotoday