Colombo Today Local News

ජනපති ‍හොද නෑ කිවාට 19 වන සංශෝධනය ඉතා හොදයි…

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නරක ගොඩක් තිබෙන බවට සඳහන් කළද, 19 වැනි‍ ව්‍යවස්ථා සංශෝධනයේ වරදක් නොමැති බවත්, සිදුව ඇත්තේ කුමන්ත්‍රණය පරාජයට පත්වීම බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

මේ නිසා සිදු වූ වැරදි අවබෝධ කරගෙන වහාම ව්‍යස්ථානුකූලව කටයුතු කළ යුතු බවද අද (10දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

අදාළ ගැටලුව සතියකින් විසඳන බවට ජනාධිපතිවරයා පසුගිය 04 වැනිදා ප්‍රකාශ කළ බවත්, එහෙත් අධිකරණ තීන්දුව එනතෙක් සිටින බවට මේ වන විට ජනාධිපතිවරයා සඳහන් කරමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

Related posts

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

අල-ලූණු අද ගිනි ගණන්

Admin

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

Admin

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

Admin