World

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හත්දහසකට අධිකයි.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19,790 දෙනෙක් හඳුනා ගැනීමත් සමග ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505 ක්.
එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.

මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරුණු, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොකුවීන් පරීක්ෂා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ඒ එම ඖෂධය මඟින් කොවිඩ් ආසාදිතයන්ගේ මරණ අවදානම ඉහළ යා හැකි බව මෑතක දී කළ වෛද්‍ය අධ්‍යයනයකින් අනාවරණය කිරීමෙන් පසුවයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

උ. කොරියා මිසයිල අත්හදා බැලීමෙන් ජපානය තැති ගනී

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

රාජකාරියේදී සේවායෝජකයාට හිජාබ් තහනම් කළ හැකියි. | යුරෝපා සංගම් අධිකරණය නියෝග කරයි

colombotoday