Colombo Today Local News

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීම හේතුකොට ගෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ මතභේදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව පෙරේදා (11 වැනිදා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂයේ උපුල් ජයසූරිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් කරුණු දැක්වූහ. මෙම අදහස පළමුවෙන් ඉදිරිපත් කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම යෝජනා පත්‍රය පිළිගැනීම නිසා මැතිවරණ කොමිසම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි සජිත් පිලේ ඇතැමෙකුගේ තර්කය වී තිබේ. ඒ නිසා මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ඔවුන් කරුණු දක්වා ඇත.

කෙසේ වෙතත් අනෙක් පාර්ශ්වයේ අදහස වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගැනීම නිසි පරිදි ඉවත් කරගෙන ඇති නිසා එසේ නොකළ යුතු බවයි.

යම් හෙයකින් නඩුවක් පැවරුවහොත් සිදුවන්නේ පෙර අවස්ථාවලදී මෙන්ම එයද ප්‍රතික්ෂේප වීම පමණක් බවත් එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යෑම අනිවාර්ය වන බව ඔවුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත.

Aruna.lk

Related posts

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

කෝටි 15කට අධික රත්‍රන් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Admin

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday