Colombo Today Local News

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

මෙම වසරේ ගිම්හාන සෘතුවේදී සංචාරය කළ යුතුම රටවල් තුන ලෙස ෆෝබ්ස් සඟරාව ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරීෂියස් රාජ්‍යයන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පරිසරයට ආදරය කරන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් බවත් ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22 ක් තිබෙන බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළා.

මෙම වසරේ පළමු කාර්තුව වන විට ලොව සංචාරක කර්මාන්තය කෝවිඩ් වසංගතයට පෙර පැවති තත්ත්වයට බොහෝ දුරට පැමිණ ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කර සිටින අතර මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයන් මිලියන 285ක් ජාත්‍යන්තර ව සංචාරය කර ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.

එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 20ක වැඩි වීමක් බවද ෆෝබ්ස් සඟරාව වාර්තා කළා.

මීළඟ මාස කීපය තුළදී ඇමෙරිකානු සංචාරකයන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට ඉඩ තිබෙන බවද එම සඟරාව පෙන්වා දෙයි.

සංචාරකයන් මෙම ගිම්හාන ඍතුවේදී යුරෝපය මගහැර සිටීම යෝග්‍ය යැයි ෆෝබ්ස් සඟරාව වාර්තා කළා.

Related posts

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙති

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

“රාජිතගේ ප්‍රකාශ නිවටයි.. බියගුළුයි“.. දිල්රුක්ෂි ප්‍රති ප්‍රහාර අරඹයි !

colombotoday