Colombo Today Local News

කුඩු සල්ලි ප්‍රවාහනය කල තවත් බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද (27)දින පෑලියගොඩ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය පැවති සමයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීම සඳහා මෙම නිලධාරියා තම නිලඇඳුමින් සැරසී යමින් ඊට ආරක්ෂාව සහ රැකවරණය ලබා දී ඇතැයි කරුණු අණාවරණ වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‍”කොස්ගොඩ තාරකගේ” කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් හැසිරවූ බවට අනාවරණ වීමෙන් පසු අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත සිටින රොහාන් ප්‍රදීප් නමැති සැකකරු සමඟ එක්ව ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටී.

Related posts

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin

ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී නැහැ | පළවූ වාර්තා අසත්‍යයක්

colombotoday

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සාමාජිකයන් දෙදෙනෙකු කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

colombotoday

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin