Colombo Today Local News

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවලට සිසුන් අතුලත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම  ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
ඒම පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
මෙම පෙත්සම් වල  වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති වරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස් වරයා,  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපති වරයා මෙහි නම් කර තිබිණි.

තමන් ගණිතය, රසායන විද්‍යාව,සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019වසරේ පැවති අ.පො.ස.උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන්  සිය ෙපත්සෙමන් ෙපන්වා ෙද්.

විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි  නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවූන් පෙන්වා දී තිබිණි

මේ හේතුවෙන්   තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත් ,  විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ  සාධාරණ කඩඉම්( ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට  වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

Related posts

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

colombotoday

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday