Colombo Today Local News

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ  මරණීය දණ්ඩනය නියම කිරීමට අදාලව බන්ධනාගාර ආඥාපනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාස මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම නියෝගය කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ අභියාචනා දෙකක් විභාගයට ගත් අවස්ථාවේදීය.

මරණීය දණ්ඩනය නියම කිරීම සදහා  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද නම් ලැයිස්තුව, ඔවුන්ට දඩුවම් නියම වූ දින, ඊට අදාල නඩු අංක සහ බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට මෙම අභියාචනා දෙකසිදු කර  තිබිණි.

ඒ අනුව අද අභියාචනා කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙනුවෙන් නිලධාරීහු පෙනී සිටියහ. මරණීය දණ්ඩනය නියම කිරීම සදහා 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවක් තමන් නොදන්නා බව අමාත්‍යංශය දැනුම් දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දැනුම් දී ඇත්තේ එවැනි ලැයිස්තුවක් බන්ධනාගාර අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.

එම ලැයිස්තුව ලබා දීමට නම් එහි නම් සදහන් සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන  ලෙස නියෝග කළේය.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday

අපට සිංහල මිනිස්සු එක්ක එකට ඉන්න ඉඩ දෙන්න.. විග්නේෂ්වරන්ලාට එරෙහිව දෙමළ ජනතාව හඩ අවදි කරයි

colombotoday

24 හැවිරිදි තරුණයෙක් තට්ටු 08කින් වැටී මිය යයි

Admin

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

colombotoday

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday