World

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

දින 40කට පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’ සීමා ඉවත් කිරීමත් සමඟ සිය ගණනක් සුරාසල් ඉදිරියේ පෝලීම් ගැසී සිටින අයුරු දක්නට ලැබිණි.

‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය රටපුරා පැතිර යෑම වැළැක්වීම සඳහා ඉන්දියාව මාර්තු 25 වැනිදා රටම වසා දමන ‘ලොක්ඩවුන්’ සීමා පැනවීය. දෙවරක් එය දීර්ඝ කළ අතර අවසන් වරට මැයි 17 වැනිදා දක්වා ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කළේය.

ඉන්දියාව වසා දැමීම ලොව විශාලතම ‘ලොක්ඩවුන්’ කිරීම ලෙස හැඳින්විණි. එපමණක් නොව ලොව දැඩිම ‘ලොක්ඩවුන්’ සීමා යැයි ද කියැවිණි.

කෙසේ නමුත් ඊයේ සිට ඇතැම් සීමා ලිහිල් කිරීම ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව සීමිත සේවක පිරිසක් සමඟ නවදිල්ලි නුවර කාර්යාලවල වැඩ ආරම්භ කෙරුණි. ඒත් සමඟ මසකට වැඩි කාලයක් දක්නට නොලැබුණු මාර්ග තදබදය ද ඊයේ නැවත දක්නට ලැබිණි.

මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර ඇති අතර මෝටර් රථවල යා හැක්කේ දෙදෙනකුට පමණි. සෑම මුරපොළකදීම වාහන නවතා එය පරීක්ෂා කරන අයුරු ද දක්නට ලැබිණි.
මේ අතරවාරයේදී උදෑසන 9.30 වනවිට ඉන්දියාවේ අගනුවර මත්පැන් අලෙවිසැල් ඉදිරියේ සිය ගණනක් එක් රැස්වී සිටින අයුරු දක්නට ලැබිණි. නවදිල්ලි අගනුවර කල්යාන් පූරි හි සුරාසලක් ඉදිරියේ 500කට වැඩි පිරිසක් පෝලීම් ගැසී සිටියහ. පෝලීම් ගැසී සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය පැමිණි අතර පිරිස විසුරුවා හැරීම පොලිසිය බැටන් පොලු ප්‍රහාර ද එල්ල කළේය.

සුරාබදු බලධාරීන්ගේ ඉල්ලීම් පරිදි පොලිසිය සුරාසල් වසා දමන්නැයි ඉල්ලා සිටියේය.
‘‘අපි සුරාසල් විවෘත තබනවා’’ යැයි දිල්ලි ආණ්ඩුවේ සුරාසල් සම්බන්ධ බලධාරියා වන අජේ කුමාර් පැවැසීය.

අද (4) පස්වරු 6.20 වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 42,836ක් ලෙස දැක්විණි. එරටින් වාර්තා වූ මරණ ගණන 1,395ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 11,782ක් ලෙස දැක්විණි.

Related posts

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් පහ අතරට බ්‍රිතාන්‍ය එක් වෙයි

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

colombotoday

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

ඔස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වෙයි

Admin