Colombo Today Local News

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනානම් තමන් තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව කදුරුවෙල ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකට අද එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිවරයාට තිබු අසීමිත බලතල මම පාර්ලිමේන්තුවට දුන්නා. ස්වාධීන කොමිසන් සභාවලට හා අධිකරණවලට දුන්නා.

ජනාධිපතිවරයාගේ නිල කාලය වසරකින් අඩු කළා. එසේ නොකළානම් අදත් ජනපති මම. එහෙම නම් මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙයි ඡන්දේ තියන්න ඕනේ. 19 සම්මත කරන්න මම උපරිමයෙන් වෙහෙසුනා. අද ඒ ගැන විවේචන රැසක් තිබෙනවා.

19 වන සංශෝධනයට අද මමත් එයට විරුද්ධයි. ව්‍යවස්ථාවේ අවුල් රාශියක් 19 නිසා ඇති වුණා. ඒ නිසා රට ඉදිරියට යන්න ව්‍යවස්ථා සංශෝධයක් ඕනේ. බහුතරය නොමැතිව එය කරන්න බැහැ.

රටට ආදරේ සියලු දෙනා අලුත් ආණ්ඩුවට සහාය දෙන්න ඕනේ. නව ජනාධිපතිතුමා අවංක නායකයෙක්. අවංක නායකයෙකුට අපි සහාය දෙන්න ඕනේ.”

Related posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

මෙරටින් රැගෙන ගිය රත්‍රං කිලෝ 8ක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට කොටුවෙයි

Admin

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

සේවක අතිරික්තයක්, ලංගමේ 16,900 ක් ගෙදර යවන්න නියෝග

colombotoday