Colombo Today Local News

අගරදගුරුතුමාගේ “යූ ටර්න්“ එකට දිවැසිවරු මවිත වෙයි…

දිවැසිවරු’ විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේනයක් මෙහි දැක්වෙයි.

නත්තල් දින තරු පහේ හෝටල්වල බාර්ද වසා තබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් ජාතික නත්තල් උත්සව සැමරුම් දින කාදිනල් හිමිපාණන් විසින් කරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධව තම සංවිධානය පුදුමයට, විමතියට මෙන්ම සතුටටද පත් වන බවත් මෙතෙක් කල් දිළින්දන්ට වඩා දේශපාලඥයින් වෙළෙදුන් හා ධනවතුන් සම්බන්ධව පමණක් ප‍්‍රමුඛතාවය දුන් කොළඹ අගරදගුර හිමි නත්තලේ සැබෑ අරුත සම්බන්ධව උනන්දු වී ගත් මෙම තීරණය මෙයට වසර කිහිපයකට පෙර ගනු ලැබුවේ නම් ලංකාවේ නත්තල අද පවතින ආකාරයේ අරුත් සුන් විච්චූරණ එකක් විමට ඉඩ නොලැබෙන බවත් පමා වී හෝ ගත් මෙම ‘යූ ටර්න් එක’ සම්බන්ධව තමන් සතුටුවන අතර දැන්වත් සිය ගමන් මග වෙනස්කර වත්මන් සසුන් පිය ෆ‍්‍රැන්සිස් පාප් තුමන්ගේ මග ගැනීම ගැන සතුටුවෙමින් අපි එතුමන්ට සුබ පතන බවත් දන්වනු කැමැත්තෙමු.

එසේම කොළඹ අගරදගුරු පදවියේ ඇතැම් පියවරුන් විසින් මුදල් නාස්ති කරමින් ගත කරනු ලබන සුකෝපභෝගී, කාම සුඛල්ලියානු යෝගී, සැප පහසු ජීවිතයෙන් මිදී පදවිය තුළ සිටින දිළි`දු මීසම්වාසීන් දෙස මීට වඩා උනන්දුවෙන් බලා කටයුතු කිරීමට යොමු කරන්නට ඔබ වහන්සේට හැකි නම් කොළඹ පදවියේ මීසම් තුළින් දිළිඳුකම ද තුරන් කර නත්තලට සැබෑ අරුතක් දිය හැකි වනු ඇත බව අපගේ විශ්වාසයයි.

තවද තරුපහේ හෝටල් වල පමණක් නොව කොළඹ පදවියේද නාස්තිකාර නත්තල් උත්සව, නත්තල් කලාප හා සභාවේ අනුග‍්‍රහයෙන් නත්තල් අරුත විනාශ කරමින් රූපවාහිනී නාලිකා ප‍්‍රවර්ධන වැඩසටහන් ලෙස මුදල් නාස්තිකරමින් පවත්වන නත්තල් කලාප, ලොකුම නත්තල් ගස් සැදීමේ විච්චූරණයන්ද නවතා නත්තලේ අරුත් විරහිත පුහු සම්ප‍්‍රදායන් තුලින් මිදී නත්තල සමරණ ළෙස සියළු කතෝලිකයින්ට විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කර, එම නාස්තිකරන මුදල් එකතුකරගෙන කොළඹ අගරදගුරු පදවියේ දිළිඳු ජනතාව වෙනුවෙන් වැය කර සැබෑ ලෙසම නත්තලේ අරුත ජීවමාන කරන ලෙසද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තම සංවිධානය වන ‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධානය ඉල්ලා සිටින බවත් අප සංවිධානයේ මෙම මාධය නිවේදනයෙන් දන්වනු කැමැත්තෙමු.

ජූඞ් නිරංජන් බස්නායක
මාධ්‍ය ප‍්‍රකාශක
‘දිවැසිවරු’

Related posts

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

colombotoday

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

විරෝධතාකරුවෝ කාල්ටන් නිවස වටලති. දැඩි ආරක්ෂක රැකවල්

colombotoday

නිවෙස් තුළදීම සිදුවිය හැකි කොවිඩ් මරණ ඉහළ යන ලකුණු | මෘතදේහ ගබඩාවට අධිශීතකරණ සහිත කන්ටේනර් සූදානම් කරයි

colombotoday