තරුණ ව්‍යවසායකයන් සඳහා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලී ණය ලබාදීමට ක්‍රියා කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටී.
තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුව මඟින් මෙම ණය ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.
උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර තුනකට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින වයස අවුරුදු හතළිහකට අඩු තරුණ ව්‍යවසායකයන්ට මෙම ණය මුදල ලබාගත හැකිය.