Colombo Today Local News

සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා බඳවා නොගන්නා ලෙස යස්මින් සුකා එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් බඳවා නොගන්නා ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජුවම සහාය පළකරන අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය ව්‍යාපාරයේ (ITJP) ප්‍රධානී යස්මින් සුකා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවෙන් ශ්‍රීලංකා හමුදා නිලධාරීන් පිළිබඳව සෘජුව ප්‍රශ්න කර ඇති බැවින් සාම සාධක හමුදා සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් බඳවා ගැනීම එක්සත් ජාතීන්ගේ සම්මතයන්ට පටහැනි බව පසුගිය බ්‍රහස්පතින්දා (04 වැනිදා) නිකුත් කළ නිවේදනයකින් යස්මින් සුකා පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැලලෙව් විසින් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙනුවෙන් නිකුත් කර ඇති නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම චෝදනා විභාග කර දඬුවම් ලබාදීමේ බලය කවුන්සිලයේ සාමාජික රටවලට ලබා දිය යුතු බවටද යෝජනා කර තිබේ. යස්මින් සුකා සිය නිවේදනයේ පෙන්වා දී ඇත්තේ මෙලෙස චෝදනා ලැබූ හමුදා ප්‍රධානීන් මෙහෙයවන හමුදා සාමාජිකයන් සාම ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කරගැනීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බවයි.

Related posts

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

colombotoday

පාසල් දරුවන් තලාපෙළා මුදල් කොල්ල කෑමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

වලානගොඩ නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි.

colombotoday

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

colombotoday

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday