Colombo Today Local News

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඞ්ට දුන් උසාවි නියෝගය ගැන රජයත් වනජීවියත් නිහඬයි

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට ලබා දුන් උසාවි නියෝගයට දෙමසක් ගතව ඇතත් මේ වනතුරු රජය එයට නිසි මැදිහත්වීමක් කර නැති බවත් වනජීවී දෙපාර්තමේන්තුව ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ද සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඊයේ (15) ප‍්‍රකාශ කළහ.

අදාළ නඩු තීන්දුවට අනුව විල්පත්තුවේ යළි වන වගා කිරීම වෙනුවෙන් තුන් මසක් ඇතුළත ඇස්තමේන්තුවක් සාදා එම මුදල් රජයට භාර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුව ඇතත් එය මේ මොහොතේ සිදුවී ඇත්දැයි තමන් වහන්සේ නොදන්නා බව ද ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.

විලපත්තුවේ එළි පෙහෙළි කළ වනාන්තර ප‍්‍රදේශයේ මේ වනවිටත් විශාල පවුල් සංඛ්‍යාවක් පදිංචිව සිටින බවත් ඔවුන්ගේ යටිතල පහසුකම් සියල්ල රජයේ මුදල් යොදවමින් සිදුවීම තුළ රජය මෙරට මහජන මුදල් අවභාවිත කරමින් සිටින බව ද උන්වහන්සේ චෝදන කළහ.

එවන් තත්ත්වයක් හමුවේ මේ පිළිබඳව නිසි අවධානය යොමු කර විල්පත්තුව යළි නඟාසිටුවීමට රජය, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන ක‍්‍රියා කරන්නේ නම් එය මෙරට ජනතාවට ඉටුකරනු ලබන සුවිශාල වටිනාකමකින් යුත් සේවයක් වනු ඇති බව ද පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරත් කියා සිිටියහි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday