Colombo Today Local News

සංස්කෘතික අරමුදලේ අරමුණුවලින් බැහැරව මුදල් වැය කරලා – රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක “එක රටක් එක නීතියක්” බලකායට කියයි.

පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව එහි මුදල් යෙදවීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් පසුගියදා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මේ බව පැවසීය.

ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේ දී අදාළ නීතී, සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම පිළිබඳ පළාත් කිහිපයක මහජනතාව එම කාර්‍ය සාධක බලකාය වෙත තොරතුරු ලබා දී ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

“එක රටක් එක නීතියක්” සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා තැබූ පියවරට ප්‍රණාමය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවත් මෙම කටයුතු සඳහා යෙදවීමට වෙන් කර තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළ රුපියල් මිලියන 25,000 ක් පසුගිය රජයේ විෂයභාර අමාත්‍යවරයා විසින් මූලික අරමුණින් බැහැරව යොදවා ඇති බව අනාවරණය කරන ලදී.

Related posts

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ජය

colombotoday

ඔහොම නෙවයි.. ගහන්නේ මෙහෙමයි, බැටන් පොල්ලෙන් ගහන හැටි ජවිපෙ කියා දෙයි – Video

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

එක්නැලිගොඩ බිරියට බැණ තර්ජණය කළැයි ඥාණසාර හිමි උසාවියෙන් වරදකරු කරයි !

colombotoday