Colombo Today Local News

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

තමන් අගමැතිවරයාට සහාය දක්වන්නේ සිංහල අන්තවාදී බලවේගව වලට එරෙහිව මුහුණ දීමට බව පෙන්වා දෙන නව සම සමාජ පක්ෂ නායකයා “සිංහල ඔල්මාදකාරයින්ට” එරෙහි බැංකු හොරෙක් සමඟ හෝ එක්ව සටන් කිරීමට සුදානම් බව කියා තිබේ.

ඝාතන, අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමට පියවර නොගන්නේ “සිංහල ඔල්මාදකරුවන්ගේ” බලය අද රට පුරා ක්‍රියාත්මක වන නිසා යයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ අතුරුදහන් වුවන් සොයාගැනීමේ කමිටුව විසින් 07 බ්‍රහස්පතින්දා කොළඹ පවත්වන ලද සම්මන්ත්‍රනයක දෙසුම පවත්වමිනි.

“හුඟක් අය මගෙන් අහනවා ඔයා රනිල් වික්‍රමසිංහට ඔච්චර කතා කරන්නෙ ඇයි මිනිහ බැංකු හොරෙක්නෙ අරකනෙ මේකනෙ කියලා. බැංකු හොරෙක්ද වෙන හොරෙක්ද මම දන්නෙ නැහැ ඒවා හොරකම් කරනවා කියන්නෙ “තුට්ටු දෙකේ පොඩි වැඩක්” ඔල්මාදේ කියන්නෙ මහා භයානක දෙයක්. ඔල්මාදකාරයින්ට එරෙහිව බැංකු හොරෙක් එක්ක හරි සටන් කරන්න මම කැමති ” යි වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේය.

යෝජිත නව ව්‍යවස්ථා ක්‍රියාවලියද නැවතී ඇත්තේ සිංහල ජාතිවාදී බලවේග වල බලපෑම් මත කී නව සම සමාජ පක්ෂ නායකයා එම විරෝධයට මුහුණ දී හෝ එය යට කර නොයා ප්‍රශ්නය විසඳ ගත නොහැකි බව අවධාරණය කළේය.

අතුරුදහන් වුවන් සොයාගැනීමේ කමිටුවේ කැඳවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති සමුළුවේ දෙසුම් ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානී ආචාර්ය ජෙහාන් පෙරේරා සහ සිවිල් සමාජ ක්‍රියාධර ගාමිණි වියන්ගොඩ විසින් ද පවත්වන ලදී.

ceylonnews

Related posts

“ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”

colombotoday

හමුදා මූලස්ථානයට ගෝඨාභය වෙන්කළ මුදල් මේ ආණ්ඩුව වියදමට අරන්.. වැඩ තවමත් අතරමග !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

බස්නාහිර සභාවේ ගද යවන්න ලක්ෂ 160ක යන්ත්‍රයක් ගෙනෙයි.. සුවද පුරවන්න වසරකට වැයවන මුදල කෝටි තුනයි…

colombotoday

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin