Colombo Today Local News

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසන්නේ උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව යි.

උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම අත්හැරිය යුතු බව ද මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකදී අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා වැඩි දුරටත් පැවසීය.

“බොරුවට සංස්කෘතිය, සංස්කෘතිය කියලා කෑ ගැහුවට කීයෙන් කීදෙනාද මේ සංස්කෘතිය ගැන දන්නේ. කාටද මේක රකින්න ඕනකමක් තියෙන්නේ. අපි හිතනවා මේ දේශපාලනඥයින්ව පෙරහැරෙන් එක්කන් එන එක තමා සංස්කෘතිය කියලා. අපේ කලාකරුවන්ගේ කොන්ද බිඳලා තියෙන්නේ. අභිමානයක් නැති කලාකරුවෙක් අද ඉන්නේ. අභිමානයක් දෙනකල් කවදාවත් මේ සංස්කෘතිය නඟා සිටුවන්න බෑ. මේ විකාරරූපි වැඩ නවත්තමු. මේවා කරා අපි අවුරුදු 75ක්. රුපියල් ශතවලින් අපි බංකොළොත් වුණාට හදාගන්න පුළුවන්. නමුත් සංස්කෘතියෙන් බංකොළොත් වුණ දවසට මේ රටේ දණින් වැටෙන්නේ මිනිස්සු තමා…”

Related posts

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

කොටින්ට වැඩිම හානියක් සිදුකළ, යුද සමයේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් දැන් හිරේ !

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday