Colombo Today Local News

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

ශ‍්‍රී ලංකාවේ පැතිරී තිබෙන ‘කොරෝනා’ වසංගතය මැඬපැවැත්වීම සඳහා වත්මන් ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග ගැන තමා අවංකව සතුටු වෙන බව උතුරු පළාත් හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළේය.

රට පුරා ‘කොරෝනා’ වසංගතය පැතිරීයාමට ඉඩනොදී කටයුතු කිරීම පිළිබඳව පැහැදීමකට පත්වූ බවද සඳහන් කළ විග්නේෂ්වරන් මහතා මේ මගින් දේශපාලන වාසි ලබා ගැනීමට ක‍්‍රියා නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

ශ‍්‍රී ලංකාවේ තිස් වසරක කාලයක් යුද තත්ත්වයක් ඇති කිරීමට ප‍්‍රධාන හේතුව වූයේ පසුගිය කාලයේ වරින් වර රට පාලනය කළ ආණ්ඩු බවද කොටි නායක ප‍්‍රභාකරන්ලා බිහි වූයේ ඒ නිසා බව ද හෙතෙම සඳහන් කළේය.

යුද්ධය නිමාවට පත්කරන විට ගැටුම්වලින් කොටි සාමාජිකයින් එක්දාස් පන්සියයක්, දෙදාහක් අතර ප‍්‍රමාණයක් මියගිය බව සඳහන් කළ විග්නේෂ්වරන් මහතා ආරක්‍ෂක හමුදා භටයන් සුළු පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූයේ යැයි ද සාමාන්‍ය වැසියන් ද මියගියේ යැයි ද සඳහන් කළේය.

ප‍්‍රශ්නය – පසුගිය කාලයේ යාපනය පළාතේ ආවා ගෲප් සංවිධානයක් බිහිවී තිබුණා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර – ඒ ළමයි රස්සා නැති හින්දා ඔය විදිහට හැසිරුණා. ඒ ළමයින්ගේ පවුල්වල වැඩිදෙනෙක් පිටරටවල්වල ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ ළමයින්ට සල්ලි එවනවා.

Related posts

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සජනපති යන්නේ නෑ

Admin

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

ඊයේ හඳුනාගත් ජාඇල සුදුවැල්ල කොරෝනා ආසාදිත 5 දෙනා තැන තැන ඇවිදලා.

colombotoday

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

colombotoday

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin