Colombo Today Local News

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

යුද්ධයෙන් මිය ගිය උතුරේ දෙමළ ජනතාව සිහි කර සමරු ස්මාරකයක් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී අද විවෘත කෙරිණි.

මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පැවති සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා උතුර පළාත් සභාවේ පිරිසක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ සිට වෙල්ලමුල්ලි වයික්කාල් දක්වා රථ පෙළපාලියකින් ගමන් කළා.

මේ, එම සැමරුමට එක්වෙමින් අදහස් දැක්වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පළ කළේ මෙවන් අදහසක්.

‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ තීරණයන් හරහා ජාත්‍යන්තරය ඉදිරියේ එකඟ වුණ, දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණය ලංකා රජය අද වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පසුගිය අවුරුදු 70ක කාලයේ පැවති රජයන් විසින් දෙමළ ජනතාව රවට්ටලා කියලා ජාත්‍යන්තරය දැන්වත් තේරුම් ගන්න ඕනි. මේ අතීතය දිහා බලන කොට ජාත්‍යන්තරයේ මැදිහත්වීම නැතුව ජාතික ප්‍රශ්නයට විසදුම් සොයන්න හැකියාවක් නැහැ. ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත් දෙමළ අය චෝදනා නැතිව තවමත් රැදවුම් කදවුරුවල ඉන්නවා. යුද්ධයේදී මේ භූමිය තුළ මිය ගිය සියලූම අපගේ ඥාතීන් වෙනුවෙන් මම මගේ ශෝකය පළ කරනවා.’’

කෙසේ වෙතත්, එවැනි සැමරුම් සඳහා රජය කිසිදු නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බවයි නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ.

Related posts

නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවලට භාණ්ඩ මිලදී ගැනීමට හෙට පැය 14ක සහනයක්

colombotoday

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

colombotoday

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

colombotoday

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday