Colombo Today Local News

‘වල්බූරු නිදහස’ නිර්ණය කරන්න ‘වල් බූරුවකුට’ දුන්නොත් කුමක් වෙයිද? – වාසු කියයි

vasudewa 154

වල්බූරු නිදහස යනු කුමක්ද යන්න තීරණය කිරීමට වල් බූරුවකුට ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියි.

ඊයේ (17) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී වල්බූරු නිදහස පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වාසුදේව මහතා මෙසේ ප්‍රශ්න කර සිටියේය.

“මුලින්ම කියන්න ඕනේ මේ ‘වල්බූරු නිදහස’ ගැන කතාව ‘වල්බූරූ’ කතාවක් බව. සතුන් දඩයම ගැන කතාවේ විස්තර වර්ණනාව ලියන්නට සතුන්ට අයිතිය දුන්නොත් ඒ පිළිබඳ කතාව කොහොම ලියවේවිද? ඒ වගේ ‘වල්බූරු නිදහස’ යනු කුමක්ද? යන්න තීරණය කිරිමේ අයිතිය අද කවුද මේ අරගෙන තියෙන්නේ. එහෙම කාටවත් අයිතියක් තියෙනවාද, ‘මේ තමයි නිදහසේ සීමාව. මීට එහා වල්බූරු. මීට මෙහා නිදහස.’ කියලා තීරණය කරන්න?“ යැයි මන්ත්‍රීවරයා පැවසී ය.

“දේශපාලනඥයෝ මෙහෙම සීමාවක් දාන්නේ තමන්ගේ පටු උවමනාව අනුව. තමන්ගේ ආණ්ඩුවට තද විවේචනයක් එනවා නම් ඒ විවේචනය කිරිමේ නිදහස අහුරන්න, ඒකට වැට බඳින්න. මේ ‘වල්බූරු නිදහස’ පිළිබඳ කතාව ඉදිරියට ගන්නවා. යම් රටක තිබෙන සභ්‍යත්වය, ශිලාචාරකම, සමාජයේ පවතින පිළිගැනීම් ආදියට යටත්වයි එම රටේ පවත්නා මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රකාශනයේ නිදහස ක්‍රියාත්මක විය යුත්තේ” යැයිද වාසුදේව නානායක්කාර මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Related posts

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

Admin

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

Admin

ඉන්ධන නියාමනය මහජන උපයෝගීතා ⁣කොමිසමට ඉල්ලයි

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin