Colombo Today Local News

ඇමරිකාවේ TikTok තහනම් ?

විදෙස් මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලය අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි පනතක් සම්මත කර තිබෙන බවයි.

ඒ අනුව TikTok සමාගම සතු අමෙරිකාවේ ඇති වත්කම් මාස 6ක් තුළ ඉවත් කිරීමටත් එම කාලය තුළ එම වත්කම් ඉවත් නොකළහොත් TikTok යෙදවුම එක්සත් ජනපදයේ තහනම් කරනු ඇති.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත ද්විපාර්ශ්වික ඡන්දයකින් අතිමහත් ලෙස සම්මත වුව ද එය නීතියක් බවට පත්වීම සඳහා එරට ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුයි.

2012 දී ආරම්භ කරන ලද TikTok චීන සමාගමක් වන ByteDance සතු වේ.

මෙම කෙටුම්පත සෙනෙට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට සමත් වුවහොත් ජනාධිපති ජෝ බයිඩන් එය වහාම අත්සන් කරන බවට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් TikTok ප්‍රධාන විධායක නිලධාරී සූ සී චෙව් පවසන්නේ, තම ආයතනය පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂාවට බැඳී සිටින බවයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් අමෙරිකාවේ ව්‍යපාර විශාල ප්‍රමාණයක් කඩා වැටීමේ අවදානමක් ඇති බව පවසයි.

ඒ අනුව දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වනු ඇති බවත් ඔහු පවසා තිබේ.

Related posts

කෝවිඞ් වසංගතයෙන්, මධ්‍යගත සෞඛ්‍ය පද්ධතියක වටිනාකම සනාථ කළ බව ජනපති පෙන්වා දෙයි

colombotoday

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

අසාද් සාලි සතොසට වංචා කරලා. පරීක්ෂණ ආරම්බ කල බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙයි.

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday