Colombo Today Local NewsTop Stories

සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප යැව්වාට දඩය රුපියල් පන්දාහයි!

රුපියල් 500ක මුදලකට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක පළකළ සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් නියම කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාග විය.

එහිදී අදාළ චෝදනාවන්ට වරද පිළිගත් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කර තිබේ.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියටපත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර ඇත.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday