Colombo Today Local News

සැකකටයුතු බෝට්ටුවක් සමග හදුනා නොගත් 14ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට…

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් පෙරේදා (05) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

පේදුරුතුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 11ක පමණ දුරකින් ‍සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට තිබේ.

ඒ අනුව එම යාත්‍රාව දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත.

එහිදී ‍පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු, කාන්තාවන් 03 දෙනෙකු සහ ළමුන් 04 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ඔහුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කර ඇත. අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දී තිබේ.

පසුගිය 2017 වසරේ මැයි මසදීද උතුරු මුහුදේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටි පිරිසක් නාවික හමුදා භාරයට පත්වුණු අතර පසුව ඔවුන් මියන්මාරයේ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බවට හදුනාගැනිණි. එක්සත් ජාතීන්ගේ සරණාගත භාරයට ඔවුන් පිරිස පත්කළ මෙම පිරිසට මෙරට රැදී සිටීමට රජය අවසර ලබා දුන් අතර එයට එරෙහිව රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිවිය.

Related posts

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin

කොවිඩ් එන්නත ලබා ගන්න මත්‍රීවරුන්ට ලබන සතියේ තවත් දින 3ක්

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයි

colombotoday