Colombo Today Local News

අපරික්ෂාකාරී රිය ධාවනය මගින් අනතුරක් සිදු කිරීම. – උමාරියාට ඇප. රියදුරු බලපත්‍රය අධිකරණය භාරයට

රාජගිරිය ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය කරමින් අනතුරක් කර පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය රුපියල් ලක්ෂ පහක පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කළේය.

සැකකාරියගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අධිකරණය එම බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට ද නියම කළේය.

මෙම සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 80,000 ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද විත්තිකාර පාර්ශවය අධිකරණයේදී එකඟත්වය පළ කළේය.

සැකකාරිය පැදවූ මෝටර් රථය තවත් ත්‍රීරෝද රථයක ඊයෙ (31) පස්වරු පහයි තිහට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරක් වලක්වා නොගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය ඒ මගින් අනතුරක් සිදු කිරීම සැකකාරියට එරෙහි චෝදනා බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු මේ වන විට ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය තුවාලකරුට සානුකම්පිත දීමනාව ලබා දෙන ලෙසට සැකකාරියට නියෝග කරමින් ඇය ඇප මත මුදාහැරියේය.

Related posts

Video “මොන වාරණ දැම්මත් කිරුළපන රැළියට මහ සෙනගක් එන එක වළක්වන්න බෑ” – විමල්

colombotoday

තවුහිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදා හැරිමට නියෝග

colombotoday

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday