Colombo Today Local News

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

නාමයෝජනා දින හතරක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අද (මැයි 3) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල දැක්වූ අදස්…

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ මාර්තු 2 දින නිකුත් කළ ප්‍රකාශනයේ නාමයෝජනා භාර දීම සඳහා වෙන් කලේ මාර්තු 12 සිට 19 දක්වා දිනයන්. නිරෝධායන කටයුතු පහසු වීම සඳහා ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන ඇමතිතුමා විසින් 16 දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙසත් 17 සිට 19 දක්වා දින රජයේ විශේෂ නිවාඩු දින ලෙසත් ප්‍රසිද්ධ කළා. රජයේ නිවාඩු දිනයක් නාමයෝජනා දිනයක් විය නොහැකිය යන පදනමින් නාමයෝජනා වල නීත්‍යානුකූලත්වය ප්‍රශ්න කිරීමට ලක් වී ඇති බවත් ඒ් පිළිබඳ නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරන බවටත් මැතිවරණ කොමිසම විසින් ඊයේ දිනයේ දී පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඇත්තෙන්ම මේ පිළිබඳ නීතිය හරිම සරලයි. පැහැදිලියි. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(1) වගන්තියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ප්‍රකාශනයක සඳහන් කළ යුතු කරුණු දෙකක් සඳහන් වෙනවා. (අ) නාමයෝජනා කාල සීමාව (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10(2) වගන්තියේ රෝමානු දෙක අනු වගන්තියේ සඳහන් වෙනවා (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය පසළොස්වක පෝය දිනයක් හෝ 1971 අංක 29 දරණ නිවාඩු දින පනතේ සඳහන් යම් රජයේ නිවාඩු දිනයක් නොවිය යුතුයි කියා. ඒ පනතින් තමයි මැයි දිනය නිදහස් දිනය වැනි දින නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. ඇමතිවරයා මාර්තු 16 සිට 19 දක්වා නිවාඩු දින ලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මේ පනත යටතේ තමයි. එහි සඳහන් වෙන්නේ “(1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ නියම කරනු ලබන දිනය”.

(අ) වගන්තිය කතා කරන්නේ නාමයෝජනා කාල සීමාව. (ආ) ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය. (ආ) වගන්තියේ සඳහන් දිනය කියන්නේ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය මිස නාමයෝජනා කාල සීමාව නොවේ. ඒ නිසා නිවාඩු දිනයක නාමයෝජනා භාර දීම හරහා නාමයෝජනා වල නීත්‍යානුකූලත්වයට කිසිම බලපෑමක් නෑ.

තවත් දෙයක් කිව යුතුයි. ජනාධිපතිතුමාට ඡන්ද විමසීම නිවාඩු දිනයක යෙදිය නොහැකි වුවත් දිනය ප්‍රකාශ කළාට පස්සේ ඒ දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කලොත් එයින් ඡන්දයට බලපෑමක් නෑ කියා 10(2)(ආ) අනු වගන්තිය කියනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කලේ මාර්තු 2දා. නිවාඩු දින ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊට පස්සේ. එහෙම බැලුවත් මාර්තු 16 සිට 19 දක්වා නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීම මැතිවරණයට බලපෑමක් නෑ.

Related posts

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

අර්චුනාට බඩු බනිස් – මාලිමාවෙන් කෙළවයි

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin