Top StoriesWorld

ඩොලර් 40,000කට අලෙවි වූ ටයිටැනික් මගියාගේ ලිපිය

ටයිටැනික් නෞකාව ගිලී යෑමට දින කිහිපයකට පෙර කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි නැමැත්තා විසින් ලියන ලද ලිපියක් එක්සත් රාජධානියේ පැවති වෙන්දේසියකදී ඩොලර් 400,000ක වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.

අනාගතය ගැන හෙළිකරන තොරතුරක් ලෙස විස්තර කර ඇති මෙම ලිපිය විල්ට්ෂයර් හි හෙන්රි ඕල්ඩ්‍රිජ් සහ පුත්‍ර වෙන්දේසි ආයතනයේදී නිර්නාමික ගැනුම්කරුවකු විසින් මිලදී ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, එය එහි අපේක්ෂිත මිල වූ ඩොලර් 75,000ක මුදල මෙන් මෙන් පස් ගුණයකින් වැඩි මිලකට අලෙවි වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

1912 අප්‍රේල් 10 වැනි දින, සවුත්හැම්ප්ටන් වරායෙන් ග්‍රේසි ටයිටැනික් නෞකාවට ගොඩ වූ දිනයේදී දුටු “සුන්දර නෞකාව” පිළිබඳ කරුණු මෙම ලිපියේ අන්තර්ගත වන අතර, සම්පූර්ණ විනිශ්චයක් කිරීමට පෙර ගමනේ අවසානය එනතුරු බලා සිටින බව ප්‍රකාශ කර ඇත.

සටහන – මන්දාකිණි

Related posts

මියන්මාරයේ සියලු අන්තර්ජාල පහසුකම් අවහිර කරයි

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්

Admin

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday