Colombo Today Local News

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

ගුරුවරයෙකුගෙන් කොසු මිටකින් පහරකෑමට ලක්වූ සිසුන් තිදෙනෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

රෝහල්ගත ව සිටින සිසුන්ගෙන් එක් අයෙකුට තදබල ලෙස පහර වැදී ඇති අතර, අනෙක් දෙදෙනා යහපත් තත්ත්වයේ සිටින බවත් වාර්තා වේ.

මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ, පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් බවත්, අදාළ ගුරුවරයා විසින් සිසුන් හත් දෙනෙකුට මෙලෙස පහර දී ඇති බවත් වාර්ථා වේ.

පාසල් ඉගෙනුම් කාළය තුළ දී එම සිසුන් පිරිස පාසලේ ආපණ ශාලාවට යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් පන්ති භාර ගුරුවරයා මෙලෙස පහර දී ඇති බවට පාදුක්ක පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පාදුක්ක පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday

බුර්කාව තහනමට ආරක්ෂක මණ්ඩලයට ගෙනා යෝජනාව ජනපති සිරිසේන ප්‍රතික්ෂේප කරයි !

colombotoday

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday