World

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

තබ්ලිග් මතධාරී තලේබාන් සංවිධානයට අරමුදල් සැපයීම සඳහා ඇෆ්ගනිස්ථානයේ හෙරොයින් නිෂ්පාදනය මෑත වසරවල දී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

බලයට පත්වීමෙන් පසු අඟහරුවාදා පැවති ප්‍රථම මාධ්‍ය හමුවකදී තලේබාන් ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් පොරොන්දු වූයේ නව රජය කිසිදු මත්ද්‍රව්‍යයක් නිෂ්පාදනය නොකරන බවයි.

හෙරොයින් විරෝධී කථාව ද මානව හිමිකම් හා මාධ්‍ය නිදහසට ගරු කරනවා යැයි සඳහන් පොරොන්දුවට සමාන පොරොන්දුවක් බවයි දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ. මෙය තලෙයිබාන් නායකයින් ජාත්‍යන්තරය දිනා ගැනීම සඳහා වඩාත් මධ්‍යස්ථ මුහුණුවරක් පෙන්වීමට ගත් උත්සාහයේ කොටසක් ලෙස විශ්ලේෂකයින් පවසයි.

ලොව පුරා ඇති අබිං සහ හෙරොයින් වලින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඇෆ්ගනිස්ථානයෙන් වන අතර, නිෂ්පාදනය සහ අපනයන කේන්ද්‍ර කර ගනිමින් තලේබාන් පාලනය යටතේ පැවති ප්‍රදේශ වල පසුගිය වසර 20 තුළ මත්ද්‍රව්‍ය සඳහා අධික ලෙස බදු අය කර තිබේ.

Related posts

බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයි

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin