featuredWorld

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට – ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමක් බවට කට කතා

වයස අවුරුදු 85ක් පමණ වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා මේ වනවිට පලවෙමින් තිබෙනවා. තනතුරේ වැඩ බැලීම සඳහා ඔහුගේ පුත්‍රයකු වන මොජ්ටබා කමේනි (Mojtaba Khamenei) පත්කර ඇති බවටයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් අයතුල්ලා කමේනී විසින් මෙම තොරතුරු සාවධ්‍ය බව හැඟවෙන පරිදි X අවකාශයට ඡායාරුපයක් එක් කර ඇති අතර එය කුමන කාලයක ලබා ගත්තක්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

මේ අතර අදාළ කොමා තත්වය පිටුපස ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බවට සමාජ මාධ්‍ය තුල කතාබහක් ද ඇති වී තිබෙන අතර මීට මාස කිහිපයකට පෙර ඉරාන අග්‍රාමාත්‍යවරයට ජීවිතය අහිමිකළ ගුවන් අනතුරු පිටුපස ද ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බවට ද මෙලෙසම කතාබහක් ඇති විනි.

ඉරාන රජයේ ආදාර අනුබල ලැබෙන ත්‍රස්ත කණ්ඩායම් වන හිස්බුල්ලාහ් සහ හමාස් පළමු පෙළ, දෙවන සහ තෙවන පෙළ නායකයන් විශාල ප්‍රමාණයක් මේවන විට ඝාතනය කර දැමීමට ඊශ්‍රායල හමුදා සමත්ව ඇත.

Related posts

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

colombotoday

අවුන්සාන් සුකී සිරකළ වීරතු හිමියන්ට හමුදා පාලනයෙන් නිදහස? | පරගැති සුකීට එරෙහිව මියන්මාරයේ භික්ෂු සහය හමුදා පාලනයට.

colombotoday

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

“රටම රකින ජන මහිමය”රැලියේ සජීවී විකාශය

colombotoday

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

colombotoday