Colombo Today Local News

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

ලංකාවේ ඉදිකරණ ලද පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ හම්බන්තොට, මාගම්පුර වරායේ ඉදිකර තිබූ අදාළ බලාගාරය එම වරාය වසර 99ක කාලයකට චීන සමාගමකට බදු දීමත් සමඟ එය තවදුරටත් එහි පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා බදු ගෙවිය යුතු බව චීන සමාගම විදුබල මණ්ඩලයට දන්වා තිබීම නිසාය.

මේ බලාගාරයෙන් මෙගා වොට් 35ක විදුලි බලයක් නිෂ්පාදනය කරනු ලබයි.

එම තත්ත්වය හේතුවෙන් මේ විදුලි බලාගාරය මාගම්පුර වරායෙන් ගලවා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පිහිටි සූර්ය ශක්ති විදුලි බලාගරයට ගෙනයාමට සූදානම් වන බව පැවසේ.

ඉතිරිවන ශේෂය ළමයින්ගේ අධයාපන කටයුතු සඳහා ප්‍රදර්ශන ස්ථානයක් ලෙස භාවිතා කිරීමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.

Related posts

මෙවර පුංචි පහේ හපනා මීගමුවෙන්.. දිවයිනේ හොඳම ප්‍රතිඵල සමඟ කඩයිම් ලකුණු ලයිස්තුව මෙන්න

colombotoday

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday