Colombo Today Local News

පොලීසියේ කෲරත්වයට එරෙහිව නව සංවිධානයක්

පොලීසියේ කෲරත්වයට එරෙහි නව සංවිධානයක් බිහි කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

නව සංවිධානය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා…

“පොලීසියේ කෲරත්වයට එරෙහි සංවිධානයක අවශ්‍යතාවය පිළිබදව මා අවධාරණය කල පසු විශාල පිරිසක් එය කල යුතුම දෙයක් බව සදහන් කර තිබුණා. අප රටේ ජනාගහනයෙන් විශාල පිරිසක් පොලීසයේ කෘරත්වයෙන් පීඩා විදි හා විදින්නන් ඒ නිසා මේ පිළිබදව සමාජ අවධානය යොමු වී තිබෙනවා. කෙසේවෙතත් මේ පිළිබදව සමාජයේ කතාබහක් ඇතිවීම තුළ පොලිස් නිළිධාරීන්ටත් තම රාජකාරිය නීත්‍යානුකූලව ඉටු කිරීමට සිදුවීම නිසා තම රැකියාවට තිබෙන බැදීම වැඩිවනවා. ඉහළ නිළධාරීන් ගේ අනීතික අණ කියාත්මක කිරීමට ගොස් පොලිස් නිළධාරීන් විශාල පිරිසක් රැකියාව අහිමි කරගෙන සිටිනවා. කෙසේ වෙතත් මෙහිදී අපගේ තව අරමුණක් වන්නේ පොලීසිය හා මානව හිමිකම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම. ජනතාව නොදැනුවත් වීම නිසා බොහෝ පීඩා විදීමට ජනතාවට සිදුවෙනවා. එය කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් ඉදිරි සතියේදී පොලීසියේ කෲරත්වයට එරෙහි සංවිධානයේ පළමු මාධ්‍ය හමුව පවත්වනවා. එම සංවිධානය හා එකතුවීමට ඔබ සැමට ආරධනා කරන අතර මෙය මෙරට ජනතාව වෙනුවෙන් බිහිවන සංවිධානයක් බවද මතක් කරනවා ඔබගේ වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිනවා…එන්න අපි පොලීසියේ කෲරත්වයට එරෙහි වෙමු….පොලීසියේ කෲරත්වයෙන් ජනතාව බේරාගමු..”

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

මියන්මාරයෙන් හාල් ගෙන්නන්න අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්

Admin

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin