Colombo Today Local News

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

අද (09) සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සිලෙට්හීදී පැවැත්වෙයි.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වනු ඇති.

තරග තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංග අද තරගයට ‍එක්වීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ අද තරගට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඊයේ නිවේදනය කළේ ය.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 3.00ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

විමල් වරදක් නිවැරදි කරයි… නාම පුවරුවේ සිංහල මුල් තැනට !

colombotoday

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

නාරාහේන්පිට ලැඟුම්හලකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමග පිලිපීන ජාතිකයෙකු අත්අඩංගුවට

Admin

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday